Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

ඒ ඔබ නොදන්නා වෛද්‍ය අනුරුද්ධ පාදෙනියයි !

ඉන්දික කුමාර


සෞඛ්‍ය ලේකම් හා වෛද්‍ය පාදෙනිය මහතා ගැන කතාවක් ඇතිවූ මේ මොහොතේ ලියා තබමි.

කවුරු අකමැති උනත්, අදටත් සෞඛ්‍ය ක්ශේත්‍රයේ බලසම්පන්නම වෘත්තිකයා ඔහුය. අධ්‍යාපන සුදුසුකම්, නායකත්ව ගුනාංග, කන්ඩායමක් මෙහෙයවීම, යාවත්කාලීන දැනුම සහ ජාතිකාභිමානය යන කවර කාරනාවකදී වත් ඔහුව අභිබවා යන නායකයෙක් නම් තවම නොදුටුවෙමි.

ඉතා අසීරු , ඉතා බරපතල පරාජයන් හමුවේ උවත් - නොසෙල්වී සිටින ඔහු තරම් ජවසම්පන්න මිනිසෙක් අප දැක නැත.

සෞඛ්‍ය සේවයේ ඕනෑම ස්ට්‍රයික් එකක් නිශේධනය කිරීමට තීරනාත්මක තාක්ෂණික බලය තිබුනත්, වෙනත් කිසිඳු සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයක් කඩාකප්පල් කරන්නට කිසිඳු අයුරකින් කටයුතු නොකරන ලෙස තදින් අවවාද කල ඔහු, සියලු සෞඛ්‍ය සේවාවන් හා කාර්‍ය මන්ඩල මධ්‍යම රජය යටතට පවරාගත් වඩා කාර්‍යක්ශම සෞඛ්‍ය සේවවක් වෙනුවෙන් හඬ නගයි.

අමාත්‍යාංශ ලේකම් ගේ වැටුප වැඩිවෙන විට, පහලම සේවකයාගේ වැටුපත් අදාල අනුපාතයෙන් ස්වයංක්‍රීයව වැඩිවන යාන්ත්‍රනය වන රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තියේ පුරෝගාමියා ඔහුයි. වැටුප් ඉල්ලා දේශපාලකයන් ගාව දනින් නොවැටී අභිමානවත් ලෙස ජීවත් විය හැකි රාජ්‍ය සේවය නවීකරණයේ පුරෝගාමියා ඔහුයි.

පසුගිය අදූරදර්ශි යහපාලන රජයේ, ETCA, SSLFTA, MCC වැනි ගිවිසුම් වලට එරෙහිව වෘත්තිකයන් සහ ජනතාව දැනුවත් කල ඔහු ඒ සියල්ල ලත් තැනම ලොප්කර, SAITM වැනි සටන් ජයගෙන අවසානයේ රජයද දනින් වට්ටා රාජිත ට යන එන මං නැති දේශපාලන අනාථයෙක් බවට පත්කලේද ඔහුයි.

රටේ 3% ක් හිමි යම් සුලු දේශපාලන කන්ඩායමක්, එජාප පාක්ශිකයන් සහ ඒ මලකුනු වලින් යැපුන සමහර මැක්කන් මේ වනවිට ඔවුන්ට සුපුරුදු සාම්ප්‍රදායි මඩ මැශිම අරඹා ඇත.

සෞඛ්‍ය ලේකම් ලෙස ඔහු පත්වනවාට අප පුද්ගලිකව අකමැති වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට ඊලඟ නායකයෙක් හොයන්නට වෙන නිසා සහ, ඔහු නොවන වෙනත් වෛද්‍යවරයකු අදාල ලේකම් පුටුවට පත්වීම අපට වඩා තාක්ෂණිකව වාසිදායක නිසාය.

අවසාන වශයෙන්, රාජිත විසින් සිදුකරන ලද අප්‍රමාන පිලිකා ඇතුලු කෝටි ගනනක ඖෂධ වංචා හා දූශන එලවා හඹා ගොස් ඒ අන්තිම සතය දක්වා නීතිය පාමුලට ගෙනයාමට සෞඛ්‍ය සේවයේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්න එකම ජගතා ඔහු පමනක් බවද සටහන් කර තබමි. මහබැංකුවට , FCID එකට බැරිවුන කෙරුම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී කරන්නට පුලුවන් කෙරුමෙක් වේ නම් ඒ ඔහුය. රාජිතගේ මඩ බලකාය, මැක්කන් පසුගිය දින කීපය පුරා උඩුබුරලන වේගයෙන් ඔබට වඩා සුපැහැදිලිව ගම්‍ය විය යුත්තේ එයයි.

මේ සියල්ලටම එහා, ඔහු මේ මව් බිම හැමවිටම හඳුන්වන්නේ "පින්බිම" , මේ පින් බිමට අභාග්‍යමත් දසාවක් ලබන ඕනෑම දිනක, කොන්දේසි විරහිතව ඔහු නිවැරදි තැන සිටගනු ඇත.

අන් කිසිවකට වඩා ඒ ගැන මා ස්ථිර ස්වරයෙන් කියමි.

ඉතින් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ද නැත්ද කියන එක අල්ප වශයෙන් පමනක් අදාල කාරනාවක් වන්නෙ එහෙයිනි.

ඒ ඔබ නොදන්නා වෛද්‍ය අනුරුද්ධ පාදෙනියයි !

Chanith Peduruarachchi  මුහුණු පොතෙන්






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'