Logo
2019 ඔක්තෝම්බර් මස 19 වැනි සෙනසුරාදා

වර්ජන රැල්ල සහ දුෂිත අවස්ථාවාදී දේශපාලන තුලින් විනාශවන රට

මහාචාර්ය පී.අයි.යාපා


රජයේ සහ පුගලික අංශයේ වැටුප් තල සහ දීමනා තීරනය්කිරීම සඳහා ස්වාධීන කොමිසමකට භාර්දියයුථුයි. එය දේශපාලනයෙන් 100% තොර එකක් වියයුතු අතර සුදුසුකම්, පළපුරුද්ද, පලදායිතාව, කාර්යක්ෂමතාව, රැකියාවේ අන්තරාදායක්බව ආදිය සැලකිලට ගත යුතුය. එසේ කිරීමෙන් පසු වැටුප් තීරණය කිරීම රජයේ හෝ වෙනත් දේශපාලන අරමුණු වලින් සපුරා වෙන්කලයුතුය. එනම් ඇමතිගේ, අගමැති, ජනපති තීරණ අනුව වැටුප් වෙනස් කිරීම තහනම් කලයුතු අතර එය ස්වාධීන කොමිසමටම භාරදිය යුතුය. පාර්ලිමේන්තුවේ සිටින අයගේ වැටුප්,දීමනා, සහ විශ්‍රාම සියල්ල තීරණය වියයුත්තේ එම කොමිසම මගිනි.
සියලු සේවකයින්ට තම සුදුසුකම් වලට අනුව වැටුප් හිමිවිය යුතු අතර එහි පැනනගින අසාදාරන හේතුවෙන් වර්ජන දිගටම සිදුවේ. අවස්ථාවාදී දේශපාලකයින් මෙයින් උපරිම ප්‍රයෝජන ගනී. විශේෂයෙන් විපක්ෂය සැමදාම වර්ජන සඳහා එළිපිට හෝ යටින් සහය දක්වයි. 2012 දී විශ්විද්‍යාල වර්ජනයේදී විපක්ෂ පමණක් නොව සිවිල් සංවිධාන පවා වර්ජනයට සහය දුනි. මෙවර්ජන හේතුවෙන් විනාශවන්නේ අධ්‍යාපනයත්, දරුවනේ අනාගතයත්, සෞඛ්‍යත්, ආර්ථිකයත් මුළු රටමත් වීම අවාසනාවකි.

- පී අයි යාපා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'