Logo
2019 දෙසැම්බර් මස 6 වැනි සිකුරාදා

ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?

පතිරණ ජයවර්ධන


මුහුණු පොතේ සුප්‍රසිද්ධ කුලී රචකයකු මෙන්ම පරපුටු ආචාරියෙකු ලෙස නමක් දිනා සිටන පුද්ගයෙකු ඊයේ දින ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත අනතුරු ඇඟවීමක් කර තිබුණි ඒ ඉහත ඡායාරූපය උපුටා දක්වමින් එහි දකුණු පසින් සිටින විමල් විරවංශ මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අතිශයින්ම ප්‍රවේශම් වියයුතු බව දන්වමිනි

අවසාන මොහොත දක්වා ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය වැලැක්වීමට යටි කූට්ටු වැඩ කරමින් තතන තතන සිටි මේ පුද්ගලයා තම ත්‍රාඨ අරමුණ ඉටුකර ගත නොහැකි වු තැන දැන් ශක්තිමත් මහින්ද ගෝඨාභය කඳවුර දෙපලු කිරීමට ඊයේ දිනම වැඩ ආරම්භ කොට ඇත .

මොහු ඉදිරිපත් කරන අතාර්කික බොළඳ තර්ක සබුද්ධික ප්‍රබුද්ධ ජනතාව අළුයම ලූ කෙල පිඩක් සේ ප්‍රතික්ෂේප කරන හෙයින් ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදිය යුතු නොවේ එහෙත් තව දුරටත් බත්කන අම්බරුවන් සිටීනම් [ එම ආචාරියාගේ අදහස් අගයන ] ඔවුන්ට යමක් පැහැදිලි කරදිය යුතුය .

ගෝඨාභය පමනක් නොව මහින්ද ද බැසිල් ද ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි ප්‍රකාශ කරන අඳ බාලයන්ගෙනි 2015 ජනවාරි 08 සිට 2019 අගොස්තු 11 දක්වා සිදු වු දේශපාලන ක්‍රියාදාමය දෙස පසු විපරමක් කරන ඕනෑම පුද්ගලයෙකුට විමල් ගේ භුමිකාව මෙසේ හෑල්ලුවට ලක්කල නොහැක

මහින්ද ගේ පරාජයත් සමග විමල් ද යහපාලනය ආණ්ඩුවට මුක්කු ගැසුවේ නම් ඔහුට හිරේ විලංගුවේ ලඟින්නට වන්නේද නැත බිරිඳට විරුද්ධව නඩු වැටෙන්නේද නැත දරුවන් ට පාසල් අහිමි වන්නේද නැත සහෝදරයින් සිරගත වන්නේද නැත සහෝදර මන්ත්‍රීවරුන් සිරබත් කන්නේද නැත මාරාන්තික උපවාස කිරිමට අවශ්‍ය වන්නේද නැත පක්ෂයේ නියොජ්‍ය නායකයා ලේකම් වරයා ඇතුළු පක්ෂ ක්‍රියාකාරිම් පිරිසක් අහිමි වන්නේ ද නැත.ඒසා විශාල දණ්ඩනයන් සහ අහිමි වීම් අභියසද විමල් නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ තම අරමුණ වෙනුවෙන්ම සටන් කලහ .

2015 ජනවාරි අනපේක්‍ෂිත පරාජයෙන් වික්ෂිප්තව සිටි ජනතාවට පලමුව ආමන්ත්‍රණය කලේ ඔහුය" අපි මහින්දව මැදමුලනෙ ජනේලෙ එල්ලුවා " කියා ප්‍රතිවාදීන් පාරම්බාන විට " ඔබේ ආදරණීය නායකයා අපි නැවත ගේනවා " ස්ථිර හඬින් විමල් නැගූ නාදය අදටත් මහින්ද වාදින්ට හොඳට මතකය විමල්ලා නුගේගොඩින් මහින්ද සුළඟ සටන අරභා එය රටපුරාද ගම් දනව් පුරාද ගෙනයන විට අද විමල්ට අපහාස කරන ආචාරියා එදා ලොවෙත් නැත . ලොවි ගහෙත් නැත ගහ මුලත් සිටියේ නැත

" ව්‍යවස්ථාවේ බාධක නිසා මහින්ද ට එන්න බැරිනම් අපි ගෝඨාව ගේනවා " පළමුව එහෙම කිව්වේද විමල්ය එහෙම කියා ඔහු නිකම් බලාගෙන සිටියේද නැත ඒ සඳහා අවශ්‍ය ජනමතය සකස් කලේය තර්ක විතර්ක කලේය සටන් කලේය උගුර ලේ රහ වනතුරු කතා කලේය අවසානයේ ඔහු ජයග්‍රහණය කලේය ඔහුගේ ජයග්‍රහණය යනු රටේ ද ජයග්‍රහණය විය සිංහල දෙමළ මුස්ලිම් දේශප්‍රේමීන් ගේ ද ජයග්‍රහණය විය

අවසාන වශයෙන් එකක් කිවයුතුය යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි " කේවට්ට " නම් ආචාරියෙක් වාසය කලේය රජුගේ ප්‍රධාන පුරෝහිත වු මේ කේවට්ට ගේ අමනොඥ ක්‍රියා හේතුවෙන් අවසානයේ සමස්ත රාජ්‍යයක්ම විනාශයට පත්විය එහෙයින් බුද්ධිමතුන් දහස් ගණනින් සිටියද එක් කේවට්ටාචාරීයෙකුට වුවද රාජ්‍යයක් විනාශ කලහැකි බව කේවට්ටයන් ගෙන් උපදෙස් ලබාගන්නා සියල්ලන්ද මනාව සිහිතබා ගත යුතුය ...

පතිරණ ජයවර්ධන 
එක්සත් රාජධානියේ ලංඩන් නුවර සිට






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'