Logo
2019 සැප්තැම්බර් මස 24 වැනි අඟහරුවාදා

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද?

ඉසුරු ප්‍රසංග


මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි. එහෙත් අද මෙය ලෝකය පුරා භාවිත වන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශේෂයක් හැඳින්වීම සඳහාය.

මද්‍රාසාවල ඉතිහාසය නබිතුමාගේ කාලය දක්වා දිවෙන අතර ඒවා අන්තවාදය පතුරුවන ආයතන බවට පත්වන්නේ මෑතකාලීනව ක්‍රියාත්මක වන වහාබ්වාදී ප්‍රවණතා සමගිනි. අද ලෝකය පුරාම මද්‍රාසාවල ක්‍රියාකාරීත්වය මහත් ගැටලු හා විවේචනයට ලක්වී තිබෙන්නකි. 

 ලංකාවේ දැනට ලියාපදිංචි කළ මද්‍රාසා පාසල් 1674ක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ අම්පාර 344ක්, අනුරාධපුරය 66ක්, බදුල්ල 58ක්, මඩකලපුව 148ක්, කොළඹ 61ක්, ගාල්ල 18ක්, ගම්පහ 70ක්, හම්බන්තොට 13ක්, යාපනය 11ක්, කළුතර 59ක්, මහනුවර 120ක්, කෑගල්ල 60ක්, කුරුණෑගල 114ක්, මන්නාරම 44ක්, මාතලේ 32ක්, මාතර 32ක්, මොණරාගල 10ක්, මුලතිව් 5ක්, නුවරඑළිය 21ක්, පොළොන්නරුව 33ක්, පුත්තලම 87ක්, රත්නපුර 27ක්, ත්‍රිකුණාමලය 128ක්, වව්නියාව 13ක් ආදී වශයෙනි. ඊට අමතරව අරාබි විදුහල් 317ක් සහ ඉස්ලාම් අහදියා දහම් පාසල් 277ක් ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොකළ ආයතන තව විශාල ප්‍රමාණයක් තිබිය හැකිය. 

 ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10194කි. පිරිවෙන් සංඛ්‍යාව 753කි. ඒ අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාවෙන් හයෙන් එකක ප්‍රමාණයක් සහ ලංකාවේ පිරිවෙන් සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මද්‍රාසා පාසල් ක්‍රියාත්මක වේ. මෙය ජනගහන අනුපාතයට සාපේක්ෂව අති විශාල අගයක් බව වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. 

 මද්‍රාසා පාසල්වල ඉගැන්වීම්, විෂය නිර්දේශ ආදී කිසිවක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් හෝ සම්බන්ධයක් නැත. මද්‍රාසා පාසල් යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන මගින් පෞද්ගලිකව ආරම්භ පවත්වාගෙන යයි. මේ බොහොමයක් අන්තවාදී රටවල මුදල් ආධාර මත ක්‍රියාත්මක වන අතර ඒ ලැබෙන ආධාර පිළිබඳ කිසිදු නියාමන ක්‍රමවේදයක් නැත. 

මද්‍රාසාවල සිර කඳවුරු මෙන් සිසුන් පාසල් සීමාව තුළ කොටු කරගෙන පූර්ණ නේවාසික අධ්‍යාපනයක් ලබාදෙයි. මාස තුනකට දින කීපයක නිවාඩුවක් පමණක් සිසුන්ට ලැබෙන අතර, සාමාන්‍ය සමාජය සමග ගැටීමට මුසුවීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාන්දර හතරේ පහේ සිට දවස පුරා ආගම, කුරානය, අරාබි බස, ඇතුළු ආගම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මේවායින් ලබා දෙන අතර, ඇතැම් මද්‍රාසාවල වෙනත් විෂයයන්ද සුළු වශයෙන් ඉගැන්වීම සිදුකෙරේ. 

විදේශ රටවල සිසුහු පවා ලංකාවේ මද්‍රාසා පාසල්වල නේවාසික අධ්‍යාපනය ලබති. ඒ අනුව අද ලංකාව ආසියාවටම මොළ සෝදාගත් අන්තවාදීන් නිර්මාණය කර දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. 

මද්‍රාසාවල ඉගැන්වීම සඳහා නීත්‍යනුකූල ලෙස මෙන්ම නිත්‍යනුකූල නොවන ලෙසද පැමිණි විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුළ රැඳී සිටිති. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එසේ රැඳී සිටි 600ක පමණ පිරිසක් පිටුවහල් කිරීමට පසුගිය මැයි මාසයේදී රජය කටයුතු කළේය. 

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් සියලු දෙනා මද්‍රාසා පාසල්වල අධ්‍යාපනය ලැබූවෝ වෙති.

ඉන්දියාවේ 1947 වන විට 88ක්ව පැවති මද්‍රාසා පාසල් සංඛ්‍යාව 2006 වනවිට ලක්ෂ පහ දක්වා ඉහළ ගොස් ඇත. ඒ මද්‍රාසා ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳ උදාහරණයකි. 

මද්‍රාසා අහිංසක යැයි සිතන සහජීවන අනාථයන් තවත් සිටී නම් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල් ගැන අධ්‍යයනය කරන්න. මද්‍රාසා පාසල් නිසා එම රටවල අර්බුද ගණනාවක් මතුවී ඇති අතර, එරට රජයන්ට නොයෙක් අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත. ඒ ආශ්‍රිතව පළවූ පුවත්, වාර්තා, ලිපි, නිබන්ධන ගණනාවක් අන්තර් ජාලය තුළ දක්නට ලැබේ. 

පසුගිය 2019 ජනවාරි 29 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම් නායකයකු වන වසීම් රිස්වි අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යවමින් ඉන්දියාවේ සියලු මද්‍රාසා තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ එම ආයතන ඉන්දියාව තුළ අයිඑස්අයිඑස් මතවාද පැතිරවීමට කටයුතු කරන බවට චෝදනා නගමිනි. 

පාකිස්තානයේ මද්‍රාසා පාසල් 30000ක් රජයේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන බව පසුගිය 2019 අප්‍රේල් 29 වැනිදා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඒ පාකිස්තානය තුළ වේගයෙන් ඉහල යන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මද්‍රාසාවලින් ලැබෙන පිටුබලය නිසාය. 

සීයට 96ක් ඉස්ලාම් ආගම අදහන පාකිස්තානයේ බලධාරීන්ට අන්තවාදය සම්බන්ධව එවැනි තීරණ ගැනීමට ධෛර්යයක් තිබුණද සීයට 9.7ක් මුසල්මානුවන් වෙසෙන ලංකාවේ නිවට බලධාරීහු තවමත් මේ අන්තවාදී ෆැක්ටරි දෙස නිහඬව බලා සිටිති. 

කුඩා දරුවන් මහණ කිරීම ගැන කියමින් පොළවේ පස් කන නිරාගමික, රැඩිකල්, හේතුවාදී, මාක්ස්වාදී පුස්සන් මෙතෙක් මේ අන්තවාදී පැක්ටරි ගැන වචනයක් කතා කර නැත. ඒ කුඩා දරුවන් මහණ කිරීමට වඩා කුඩා දරුවන් සිරගත කරගෙන දවස පුරා ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදය ඉගැන්වීම ඔවුන්ගේ මහා මානව හිතවාදයට ගැටලුවක් නොවන නිසාය. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'