Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

1947 දී උපාධිපාඨමාලා ආරම්භවූ ලංකාව සහ 1948 දී උපතලද රට ඊශ්‍රාලය

පී .අයි. යාපා


ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 8 කින් සහ පුද්ගලික විශ්ව විද්‍යාල එකකින් කෘෂි විද්යාත්යින් බිහිවෙනවා. එක් විද්යාත්යයෙක් සඳහා රජය මිලියන 2.5 පමණ වය කරනවා. පේරාදෙණිය කෘෂි උපාධිපාඨමාලාව ආරම්භාකලේ විනාශකාරී හරිත විප්ලවීය කෘෂි තාක්ෂනය අපෙරටට එන්නත් කලින් 1947 දී. එනම් 20 වන ශතවර්ෂයේ. ඊස්රායෙල් දේශය ඉපදීමටත් කලින්. එසේ බැලුවොත් මේ වනකොට කොච්චරනම් ඉතිහාසයක් අපේ කෘෂි විද්‍යා ක්ෂේත්‍රයට තියෙනවා ද. දැන් 2019, 21ක් වන ශතවර්ෂය. 
චීන, රුසියානු, ජෝර්දාන පොහොර, ජර්මානු කෘමිනාශක, අමරිකානු වල නාශක, මැලෙසියානු, තායි බීජ, චීන, ජපාන, කොරියා, ඉන්දියා කෘෂි යන්ත්‍ර උපකරණ නැතිව අපට අපේ රටේ කෘෂිකර්මාන්තය මාස 6 පවත්වාගත හැකි ද? එනම් විදේශීය තාක්ෂනය සහ ආහාර ආධාර නැතිව අපට කුසගින්නේ මියයන්නේ නැතිව ඉන්න පුළුවන් ද මාසයක් වත්?

කෘෂි විද්යාත්නයින් බිහිකිරීම වෙනුවෙන් මෙතරම් මුදලක්, කාලයක් වෙකරන්නේ රටේ කෘෂිකර්මාන්තය ඉහලට එසවීමට. එම අරමුණ තුල විදේශ ගැතිභාවයෙන් මිදුණු, දේශීය අමුද්‍රවය මත පදනම් වූ තමන් විසින් ප්‍රගුණ කල රටට ගැලැපෙන කෘෂි තාක්ෂණයක් තුලින් රටට අවශ්‍ය ප්‍රමාණයට පමණක් නොව අපනයනය සඳහා ද අතිරික්තයක් නිෂ්පාදනය කරමින් ජාතික සංවර්ධනයට දායකවීම. 1947 සිට පේරාදෙණියේ ආරම්භවූ කෘෂිවිද්‍යා උපාධිපාඨ මාලවලින් මෙකී අරමුණෙන් කොතරම් ප්‍රමාණය ඉටුවී ඇත් ද යන්න දැන් වැටහෙනවානේද.

මම ඊයේ රත්නපුරයේ සම්මන්ත්‍රණයක දුන් දේශනයකට සහභාගීවූ පේරාදෙණි විශ්ව විද්‍යාලයේම මෑතකාලයේ නිෂ්පාදනයවූ උපාධිධාරී මහතෙක් ප්‍රකාෂකලා එතුමා අවුරුදු 4 පාඨමාලාව තුලදී මාවිසින් දෙනලද කාබනික කෘෂි තාක්ෂනයෙන් 5% වත් නොලැබුණු බව. මමත් පේරාදෙනි උපාධිධාරයෙන් නිසා මා එය නිහතමානීව පිලිගනිමි. එයට පිළිතුරු ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගත් මහතුන් සහ මහත්මීන් පැවැසුවා සබරගමුව කෘෂිවිද්‍යා උපාධිධාරීන් මෙම තාක්ෂණයෙන් විශේෂ නිපුණතාවක් දක්වනබව. නමුත් මම තවම පිළිගන්නේ පේරාදෙණිය කෘෂි උපාධි පාඨමාලාවක් ලෙස සමස්තයක් ලෙස ලංකාවේ තවමත් ඉදිරියෙන්ම සිටිනබව. නමුත් එහි එක් අන්ශයකින් සබරගමුව ඉදිරිරියෙන් බව බාහිරව පිලිගන්නවා. මා මේ තාක්ෂනයන් ඉගෙනගත්තේ විදේශ රටවලින් - මින්, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඊස්රායලය, ඉන්දියාව, විශේෂයි. නමුත් ඒ තාක්ෂනය අපේරටට ගැලැපෙන පරිදි මා සේවයකරන සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි උපාධි පාඨමාලාවට ඇතුලත් කළා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය මට අප පීඨයෙන් සහ විශ්ව විද්‍යාලයෙන් ම ලැබුනා. තවත් ලැබෙනවා.

මේ අත්දැකීම් වලින් පෙනේනේ අපි විදේශ රටවල පුහුව ලබන්නේ එරටවල තිබෙන නිෂ්පාදන සහ තාක්ෂනය කෙලින්ම අපේ රටට හඳුන්වාදීමට නොවනබවත් එම දැනුම උපයෝගී කරගෙන අපේ රටට ගැලැපෙන තාක්ෂණයක් අපේ රටතුලම දියුනුකිරීමයි. එසේ නොවීමේ පාඩුව හින්දින්ම පෙනුණු උදාහරණ කිහිපයක්:

මා ද සහභාගී වූ පාර්ලිමීන්තු ව්විශේෂ සැසියකදී

1. ගලයිපොසෙට් නැතිව අපේ තේ කර්මාන්තය කරගෙන යාමට හැකියාවක් නැත ( තේ පර්යේණ ආයතන අධ්‍යක්ෂ) 
2. ගලයිපොසෙට් නැතිව අලුත් රබර් වතු කරගෙන යාමට නොහැකියි (රබර් පර්යේශ ආයතන නොයෝජිත)
3. ගලයිපොසෙට් නැතිව ඉරිඟු වගාව හාන්සියි (කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්)

බතලගොඩ වී පර්යේෂනාතන රැස්වීමකදී/ කෘෂිකර්මා අමාත්‍ය තුමා ඉහල රැස්වීමකදී

1. ආනයකින රසායකික පොහොර නැතිනම් ලංකාවේ වීවගාව ඉවරයි (ජ්‍යෙෂ්ඨතම කෘෂි විද්යාත්යක්)
2. පොහොර සහනාධාරා නැවැවුවහොත් ලංකාවේ කෘෂිකර්මාන්තය ඉවරයි (ජ්‍යෙෂ්ඨතම කෘෂි විද්යාත්යක්)

ඉහත අදහස් දැක්වීම සියල්ල දේශපාලකයින්ගෙන් නොව අපේ කෘෂි විද්යාත්යයින්ගෙන් වීමයි පුදුම සහගත සහ කනගාටුව. කලයුත්තේ කාබනික කෘෂිකර්මය පමණක් යයි මම අදහස් නොකරමි. නමුත් ගලයිපොසෙට්, ආනයනික කෘෂි රසායන වෙනුවෙට ඒවා සඳහා ආදේශක නිෂ්පාදනයකිරීමේ උවමනාවක් මේ කිසිවෙකුට නැතිවීමයි කනගාටුව. විදේශවල නිෂ්පාදනය වන රසායනික, යන්ත්‍ර සුත්‍ර, ජාල සම්පානද උපකරණ ආදේය ආනයනය කර කෘෂිකර්මාන්තයක් කිරීම සඳහා මේසා විශාල මුදලක් ආයෝජනය කරමින් දිගටම ක්රුෂිවිද්යාත්යින් නිෂ්පාදනය කිරීමේ තේරුම කුමක් ද? ආනයන කරුවන්, මෙදහරින්නන්, නිර්දේශ සහ උපදෙස් සිංහල සහ දෙමල භාෂාවට පරිවර්තනය කලහැකි අය පමණක් සිටීම ප්‍රමාණවත් නේ ද?

සංවාදය සඳහා ...........

- පී අයි යාපා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'