Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

ඔබගේ ජීවිතය වෙනස් කරන ඔබව සුවපත් කර තරුණ කම රැක දිය හැකි ඖෂදීය කිරි පානයක් සාදාගමු

නදීශා අමරසේකර
 මෙම ප්‍රසන්න සහ උණුසුම් පානය කොදු ඇට පෙළ සදහා ඉතාමත් ගුණදායක වේ.  ''Golden milk” යන නමින් හදුන්වන මෙම පානය කොදු ඇට අතර ඇති ලිහිසි ද්‍රව්‍ය නැවත ඇති කිරීමටත් තැන්පතු වූ ලවන සෝදා හැරීමටත් බෙහෙවින් උපකාරී වේ. එය heamatopiesis (ඇට මිදුළු තුල ප්‍රාථමික සෛල හා රුධිර සෛල වල බෙදීම් හා වවිබේදන පිහිටීම.) මහා බඩවැලට, ස්නායු පද්දතියට හා අස්ථි පටක පද්දතියේ යහ පැවැත්මට බෙහෙවින් උපකාරී වේ.


මෙම  ''Golden milk” පානය තාරුණ්‍යය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමටත්, සමස්ථ ආහාර ජීරණ පද්දතියම සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමටත් උපකාරී වන අතර අක්මාවටද ගුණ දායක වේ. එය ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කර ශරීරයේ පැහැය සහ පැවැත්ම වැඩි කරයි. මෙම පානය මගින් ඔබේ අස්ථි අතර චලන සිදු වන කොටස් වල චලන හැකියාව වැඩි දියුණු කරන නිසා ආතරයිටීස් සහ ආත්රෝසිස් යන රෝග වලටද ඉතාමත් ගුණ දායකය. මෙම ඖෂදීය පානය ඉන්දියාවේ සහ රුසියානු වෛද්‍යවරුන් අතර විකල්ප වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන් ප්‍රචලිතය.

    වියලි කහ කුඩු ග්රෑම් 40.
    ජලය මිලි ලීටර 100-150 ත් අතර ප්‍රමාණයක්.
    කිරි මිලි ලීටර 250ක්.
    මී පැණි අවශ්‍ය තරමට සහ ආමන්ඞ් තෙල් (අවශ්‍යනම්)


පළමුව පහත දැක්වෙන ආකාරයට කහ පේස්ට් එක සාදා ගන්න.


කහ කුඩු ජලය සහිත භාජනයකට දමා හැදී ගාමින් තම්බෙන්නට අරින්න. මෙසේ විනාඩි 8 ක් පමණ ඔබට ඝන මිශ්‍රණයක් ලැබෙන තෙක් පිස ගන්න. පිසී අවසන් වන තෙක් දිගටම හැදී ගාන්න. මිශ්‍රණය ඝන බැවින් වැඩි වුවහොත් ජලය ස්වල්පයක් එකතු කරන්න. මිශ්‍රණය ඝන යෝගට් එකක් මෙන් වෙන තෙක් පිස ගන්න.


ඉන් පසු පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරමින් කිරි පානය පිළියෙළ කර ගන්න.


මේ සදහා කුමන වර්ගයක හෝ කිරි භාවිතා කල හැක. එළකිරි භාවිතා කරන්නේ නම් ගුනාත්මක බව වැඩි වේ. කිරි එක ලිප තබා නටවා අවශ්‍ය නම් ආමන්ඞ් තෙල් එකතු කරන්න. ඉන් පසු ලිපෙන් ඉවත් කර භාජනයකට වත් කරන්න. එයට කලින් පිළියෙළ කර ගත කහ මිශ්‍රණයෙන් තේ හැදී 1ක් පමණ දමන්න. අවශ්‍ය නම් රසවත් කර ගැනීම සදහා පැණි ස්වල්පයක් එක් කරන්න.


ඔබට අවශ්‍ය නම් මෙම කහ මිශ්‍රණය දීර්ග කාලයක් භාවිතා කිරිමට කැමති ප්‍රමාණයක් සදා ගත හැක. ශීතකරණයක් තුල දිනා 40ක් පමණ ඔබට මෙම මිශ්‍රණය කල් තබා ගත හැක. අවශ්‍ය වූ විට උණු කර ගත කිරි වලට මෙම මිශ්‍රණයෙන් තේ හැන්ද බැගින් දමා අවශ්‍ය නම් පැණි හෝ එළවලූ තෙල්ද ස්වල්පය බැගින් දම පානය සකසා ගත හැක.

 

භාවිතයට උපදෙස් -


මෙම කිරි පානය උදැසන අවදි වූ පසු හිස් බඩට පානය කරන්න. අවශ්‍ය නම් රාත්‍රියේදී නින්දට යෑමට පෙරද පානය කල හැක.


දින පතාම පානයට පුරුදු වීමද ශරීරයට ගුණ දායක වේ. හැකිනම් දිනා 40ක් පමණ එක දිගටම. අවුරුද්දට දෙවතාවක් පානය කරන්න. මෙහි ප්‍රතිපල එවිට ඔබට 100% දැන ගත හැක.


අවවාදයයි.

මුත්‍රාශයේ ප්‍රශ්න ඇති අය පානය කිරීමෙන් වලකින්න. මන්ද යත් කහ වල ාසමරුඑසජ බලපෑමක් ඇති නිසාය.

 


කහ වලින් සිදු වන්නේ කුමක්ද?


සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව මෙන්ම නුතන වෛද්‍ය විද්‍යාවද මෙම ඖෂදීය ශාකය ඉතාමත් ඉහලින් වර්ණනා කරයි. මෙහි අඩංගු ප්‍රධානතම සංඝටකය වන්නේ කහ ්කන්කදසා ජමරජමපසබ නම් සංඝටකයයි.


කහ ශාකයේ ඇති සවභාවය නිසා එම ශාකයට විෂබීජ සහ පරපෝෂිතයින් විනාශ කිරීමේ හැකියාවක් ඇත. තවද මෙම ශාකයට ශරීරයේ මාංශ පේශි අතර මේද තැන්පතු සහ අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කර, රුධිර පරිවහනය ඉතා හොද තත්තවයකට ගත හැක.


මෙහි  ඇති කටුක රසය විෂ ශරීර ගත වීම්, උන, ප්‍රදාහයන්, ලේ වල සහ සමේ රෝග වලට ඉතාමත් හොද ප්‍රතිජීවකයක් වේ. එය ඇලෙන සුළු තැන්පතු, හා විෂ, තුවාල, මේදය, දහදිය, සැරව, කැසීම, ඉවත් කරයි. තවද ඝර්භාශය, අක්මාව මෙන්ම මවු කිරිද පිරිසිදු කරයි.

 

පහතින් එම පානය සාදා ගන්නා ආකාරය නරබන්න.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'