Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

පාද යාත්‍රා බැතිමතුන් 14,000ක් කතරගමට

පා ගමනින් කතරගම දේවාලය වැද පුදා ගැනීමට යාල වනෝද්‍යානය හරහා මේ වසරේ පැමිණි බැතිමතුන් සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව වාර්තා වේ. එලෙස පා ගමනින් යාල වනෝද්‍යානය හරහා කතරගම දක්වා පැමිණිමට ලබාදී තිබු කාලය අද පස්වරු 03.30න් අවසන් වු අතර ඒ අනුව ලාහුගල ඔකඳ දේවස්ථානය අසලින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමට අද පස්වරුවේ සිට අවසර නොලැබෙනු අැත.

කතරගම වාර්ෂික ඇසල මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 12 වැනිදා රාත‍්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'