Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

19 ගැන ගෝඨාගේ ප්‍රකාශයට එජාපය බියවෙයි



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය නම් තම පක්ෂය රජය සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

“රජයෙන් මතටක් ඇවිල්ලා තියෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හරහා රට පාලනය කරන්න අමාරුයි. ඒ නිසා රජය මේක වෙනස් කරන් බලාපොරොත්තු වෙනවා කියලා.

ඒ අයට කියන්න කැමති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යහපාලන ආණ්ඩුව විසින් තනියම ගෙනා එකක් නෙමෙයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය එදා මුළු පාර්ලිමේන්තුවම ඡන්දය දුන්නා.

ආණ්ඩුව කියනවා මේක අවහිරයක් කියලා. අපිට කියන්න කියෙන්නේ අපි රජයත් තෙක්ක සාකච්ඡා කරන්න සූදානම් මෙනවද වෙනස් කරන්න ඕනේ. අපිට එක හෙලා කියන්න බෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්පූර්ණයෙන් අහොසි කරන් සහය දෙනවා කියලා“
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'