Logo
2019 දෙසැම්බර් මස 13 වැනි සිකුරාදා

නරුහිතෝ අධිරාජ්‍යයා වෙනුවෙන් ටෝකියෝ අගනුවර දී ජාතික උත්සවයක්



නරුහිතෝ අධිරාජ්‍යයා රාජ්‍යත්වයට පත්වීම සංකේතවත් කරමින් ටෝකියෝ අගනුවර දී ජාතික උත්සවයක් සංවිධානය කර තිබුණි.

ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් මාළිගයේ පැවති ජාතික උත්සවය ආරම්භ වූයේ  සැමරුම් පෙළපාලියකින්.

රට පුරා සාම්ප්‍රදායික ජපන් ජන නැටුම් කණ්ඩායම් මෙන්ම මෙට්රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ හා ටෝකියෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සංගීත කණ්ඩායම් එහි ඉදිරිපත් කිරීම් සිදු කළේය.

උත්සවය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ සිටි අතර මෙවැනි විචිත්‍ර අවස්ථාවක් කිසිදිනෙක දැක නොමැති බවයි ඇතැමුන් ප්‍රකාශ කළේ.

නරුහිතෝ, ජපන් අධිරාජ්‍යත්වයට පත් වුණේ ඔහුගේ පියා වන 85 හැවිරිදි අකිහිතෝ, සිය වයස්ගතභාවය සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අධිරාජ්‍යත්වය අත්හැරීමෙන් අනතුරුවයි.

වසර 200කට අධික කාලයකට පසු රජකම අත්හරින ලද පළමු ජපාන අධිරාජ්‍යයා ලෙසත් අකිහිතෝ ඉතිහාසයට එක් වී සිටියේය.

අකිහිතෝ, සිය පාලන සමය තුළදී ජපාන වැසියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අධිරාජ්‍යයෙක්.

රෝගවලින් සහ ආපදාවලින් පීඩාවට පත් ජනතාව සමග පැවැත්වූ අන්තර් සබඳතා හේතුවෙනුයි ඔහු එලෙස ගෞරවාදරයට පාත්‍රවී සිටින්නේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'