Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

හදිසියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ කෙලවරපිටිය පිවිසුමේ සේවක හිගයෙන් මගීන්ට හිරිහැර



පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

හදිසියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ කෙලවරපිටිය පිවිසුමේ සේවක හිගයෙන් මගීන්ට හිරිහැර.

නිසි ලෙස වැඩ අවසන් නොකර හා අවශ්‍ය සේවකයන් බදවා නොගෙන දේශපාලන වාසි ලබා ගැනීම සදහා කඩිමුඩියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ කෙලවරපිටිය පිවිසුමේ මේ වන විට විශාල වාහන තදබදයක් පිලිබදව අප සංවිධානයට පැමිණිලි ලැබෙමින් පවතී. අප ඒ පිළිබදව එහි සේවය කරනු ලබන සේවකයින්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ අවශ්‍ය සේවක සංඛ්‍යාවක් නොමැති කම හා පරිඝණක පද්ධතිය සෙමින් ක්‍රියාකිරීම නිසා මෙසේ දිග පෝලිම් දක්නට ලැබෙන බවයි.

රජයේ නිසි කළමණාකරනයක් නොමැතිවීම නිසා හා දේශපාලන වාසි ලබා ගැනීම සදහා මෙසේ ක්‍රියාකිරීම නිසා විශාල මගීන් සංඛ්‍යාවකට සිය කාලය හා මුදල් නිකරැනේ වියදම් කිරීමට සිදුවී ඇත.

මැතිවරණ වේදිකාවට ගොඩවන වත්මන් රජයේ අමාත්‍යවරැ හා රාජ්‍ය අමාත්‍යවරැ ජනතාවට සේවය කරන ආකාරය තරගයට පවසමින් සිටින අතරතුර මෙසේ ජනතාව පීඩාවට පත්වීම හාස්‍යජනකය. රජය සිතාසිටින්නේ ජනතාව ලෙහෙසියෙන් රැවටිය හැකි බවයි. එහෙත් අවසානයේ රැවටීමට ලක්වන්නේ රජයම බව රජය නොදනී.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ අධිවේගී මාර්ග භාවිතා කරනු ලබන මගී ජනතාව පීඩාවට පත් නොකර අධිවේගී මාර්ග පද්ධතිය නිසි කළමණාකරනයකින් යුක්තව ක්‍රියාකියාත්මක වන තුරැ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් මුදල් අය නොකරන ලෙසයි.

රංජිත් විතානගේ 
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'