Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 8ක් මේජර් ජනරල් නිලයට



යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකු මේජර් ජනරල් නිලයට උසස් කර තිබේ. 

සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙලෙස බ්‍රිගේඩියර්වරු 08 දෙනෙකු හට උසස් වීම් ලබා දී ඇති බවයි යුද හමුදාව සඳහන් කළේය. 

ඒ අනුව 24 වන සේනාංකාධිපති ජේ.සී ගමගේ, 55 වන සේනාංකාධිපති කේ.එන්.එස් කොටුවෙගෙදර, ශ්‍රි ලංකා පාබල හමුදාවේ  කේ.ජී ජයවීර, 59 වන සේනාංකාධිපති කේ.එච්.පී.පී ප්‍රනාන්දු යන මහත්වරුන් මෙලෙස මේජර් ජනරල් නිලයට උසස් කර තිබේ. 

මීට අමතරව 66 වන සේනාංකාධිපති එම්.ඩී විජේසුන්දර, බුද්ධි අධ්‍යක්ෂ ඒ.එස්. හේවාවිතාරණ, යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානයේ බී.ඒ.එල් රත්නායක, 52වන සේනංකාධිපති එස්.එස් වඩුගේ යන මහත්වරුන්ද මෙලෙස මේජර් ජනරල් නිලයට උසස් කර ඇතිබව සඳහන්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'