Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

ජ්‍යෙෂ්ඨ වෙල්ගම ශ්‍රිලනිප පොඩ්ඩන් ඉදිරියේ කිචවෙයි



එල්ල වන අවලාද සහ මඩ ප්‍රචාරයන් අභියෝගයක් කර ගෙන ඉදිරි ජනාධිපතිවරණය ඉහළ ප්‍රතිශතයකින් ජය ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(07) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ අභියෝගයක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

“කුමාර වෙල්ලගම මහත්තයාගෙන් අපි අහනවා. එක්සත් ජාතික පක්ෂය ජයගත් 1977 සිට, 17ත් අවුරුද්දක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරාද? මෙකට උත්තරයක් දෙන්න.

විනය පරික්ෂණ තියන්නේ කාටද විනය පරික්ෂණ තියන්නේ කොහොමඳ කියලා තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිස කුමාර් වෙල්ගම මහත්තයා නෙමෙයි.“ 
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'