Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

යුධ හමුදා මූලස්ථානය විවෘතකරමින් ජනපති දෙපසටම බෝම්බ ගසයි



ගාලු මුවදොර ආසන්නයේ පැවති යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් විකුණා දැමීම හේතුවෙන් යුධ හමුදා මූලස්ථානයට අවශ්‍ය කාර්යාල පිහිටුවීමට ගොඩනැගිලි කුලියට ගැනීමට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා රජය විසින් මාසිකව රුපියල් කෝටි හතරකට ඉක්මවා වියදම් කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ලද නව යුද හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේ වුවද මේ දක්වා ප්‍රමාද වූයේ මුදල් නිකුත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සිදු වූ ප්‍රමාදය නිසා බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

විකිණීම සම්බන්ධව ගෝඨාභයටත් මුදල් ප්‍රමාද කිරීම පිළිබඳව රනිල්ගේ ආණ්ඩුවටත් දොස් නගමින් ජනපති අතපිහ දාගනු දක්නට ලැබිණ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'