Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

ශ්‍රිලනිප මන්ත්‍රීවරු පොහොට්ටුවේ හූ හඬින් වේදිකාවෙන් විසිවෙයි



ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීමයි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමටද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

දැනට ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකුට පමණ ජනහමුවලදී ‘හූ’ තබා තිබේ.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිටගම හූ තැබීම් සිදු කරන්නේ මීලග මහ මැතිවරණයේ පූර්ව මනාප සටන ලෙස බව දේශපාලන නිරීක්‍ෂඛයන්ගේ අදහසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'