Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

නව රජයකට නිල් හා සුදු පක්ෂ නායකයාට ඇරයුම්



ඊශ‍්‍රායල නව රජය පිහිටුවීමට නිල් සහ සුදු පක්ෂ නායකයාට ඇරයුම් කර තිබේ.

රජයක් පිහිටුවීම සදහා ඊශ‍්‍රායල නිල් සහ සුදු පක්ෂ නායක බෙනී ගෑන්ට්ස් ට එරට ජනාධිපතිවරයා ආරාධනා කළේය‍.

ඒ  අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රජය පිහිටුවීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වීමෙන් පසුවයි.

පසුගිය මැතිවරණයේදී නෙතන්යාහුට අභියෝගයක් වූ හිටපු මාණ්ඩලික ප්‍රධානී  බෙනී ගෑන්ට්ස් ට රජයක් පිහිටුවීමටත් අගමැති ධූරයට පත්වීමටත් අවස්ථාව උදා වී තිබේ.

කෙසේ වෙතත් ඒ සඳහා ඔහුට ලබා දී ඇත්තේ දින 28ක කාලයක් පමණයි.

එම කාලය තුළද නව රජය පිහිටුවීමට අපොහොසත් වුවහොත් ඊශ්‍රායලයට යළිත් වරක් මැතිවරණයකට යාමට සිදුවනු ඇති.

ඒ වසරක් වැනි කෙටි කාලයක් තුළ පැවැත්වෙන තෙවන මැතිවරණය ලෙසයි.

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව සෙනෙට් සභාව යනුවෙන් හැඳින්වෙයි.

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන්ද නෙතන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී අපේක්ෂක බෙනී ගෑන්ට්ස්ගේ නිල් සහ සුදු පක්ෂයට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව සෙසු පක්ෂ හවුල් කරගනිමින් රජයක් පිහිටුවන්නැයි දින 28ක කාලයක් ඊශ්‍රායල් ජනාධිපතිවරයා නෙතන්යාහුට ලබාදුන්නේය.

කෙසේ වෙතත් සෙසු පක්ෂ සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර නෙතන්යාහු නිල් සහ සුදු පක්ෂය හවුල් කර ගැනීමටත් බෙනී ගෑන්ට්ස් හවුල් කර ගැනීමට ගත් උත්සාහයත් අසාර්ථක වී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'