Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

ජනප්‍රියත්වය අහිමි කරගත් තරුණ අගමැතිවරයා



කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රමුඛ පාලක පක්ෂය පැවැති මහා මැතිවරණයේ ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.

කෙසේ නමුත් බහුතරය දිනාගැනීමට රජය අසමත්වීම විශේෂත්වයක්.

කැනඩා මහා මැතිවරණය ජයගැනීමට අගමැති ජස්ටින් ටෘඩෝගේ පාලක ලිබරල් පක්ෂය සමත්ව තිබේ.

ඒ අනුව ව්‍යවස්ථාදායකයේ සමස්ත ආසන 338න් 157ක් දිනාගෙන ඇත්තේ ටෘඩෝගේ පක්ෂයයි.

කෙසේ නමුත් බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට අගමැතිවරයාගේ පක්ෂය අසමත්වීම විශේෂත්වයක්.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය ආසන 121ක් දිනාගෙන තිබේ.

ඔවුන් දිනා ඇති ඡන්ද ප්‍රතිඵලය සියයට 34.4ක්.

එය ටෘඩෝ අගමැතිවරයාගේ පක්ෂය ලැබූ ඡන්ද ප්‍රතිශතය වන සියයට 33 ඉක්මවා යාමක්ද වෙයි.

ඒ අනුව සංඛ්‍යාත්මකව සැලකූ කළ විපක්ෂය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම අගමැතිවරයාගේ පක්ෂය ලැබූ දරුණු පසුබෑමක් බවයි විචාරකයන් පෙන්වා දෙයි.

රටට සැබෑ වෙනසක් ගෙනෙන බවට පොරොන්දු වෙමින් තරුණ නායකයෙක් ලෙසින් ටෘඩෝ 2015 වසරේදී බලයට පත්විය.

එවක ඔහු බෙහෙවින් ජනප්‍රිය වූ නමුත් වර්තමානය වනවිට ඔහුගේ ජනප්‍රියත්වය හීන වී ඇති බව කැනඩා වාර්තා වැඩිදුරටත් පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'