Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

මොරගහකන්දෙන් අනුරපුර වැසියන්ට නිවසටම පානීය ජලය-මහින්ද



පානීය ජලය උතුරු මැද පළාත්වල ජනතාවගේ නිවසටම ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

‘සාර්ථක දැක්මක් වැඩකරන රටක්‘‘  යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා පවත්වනු ලබන ජන රැළි මාලාවේ සමාරම්භක ජනරැළිය අද පස්වරුවේදී පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.

ඊට විශාල ජනකායක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියේය.

රැළිය පැවැත්වෙන අතරතුරදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සල්ගාදු පිටිය වෙත පැමිණි අතර එහිදී ඔහුට පැමිණ සිටි පිරිසගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක යන මහත්වරුන්ද වේදිකාවට එක්වුණි. 

මොරගහකන්ද ජලාශයේ වතුර වැඩි කල් නොගොස් අනුරාධපුරය ජනතාවට ලබා දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාඑහිදී පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'