Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

සුසාන භූමියේ සාමය රැකගන්න සජිත්ගෙන් ඉල්ලීමක්



2015 දී ජනතාවට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පාවා නොදී එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පෙරමුණට සහාය දක්වන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ අද පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් අමතමින්. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍යට ඉතා හොඳ නිදහසක් ලබා දී ඇති බවයි.

එක් පවුලක පමණක් අනන්‍යතාව සුරකින ගමනක් එක්සත් ජාතික පක්ෂයෙන් ගමන් නොකරන බවත් බලය තමන් සතු කර ගැනීම නොව බලය පොදු ජනතාව වෙත ලබා දීම තම අනාගත ක්‍රියාවලිය බවත් ඒ මහතා පැවසීය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද තවත් වැඩසටහන් කිහිපයකටම එක්වුණි.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානය වෙත අද පෙරවරුවේ පැමිණි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සමසභාපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ වන විට යහපාලනය සංහිඳියාවේ නාමයෙන් සුසානභූමියේ සාමය පවත්වාගෙන යමින් තිබෙන අතර එය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථකතනය කරමින් සිටී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'