Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

ජාත්‍යන්තර ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලිය



53වන ජාත්‍යන්තර ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි දිවයිනට පැමිණියේය.

ජපානයේ පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වුණේ පළමු වරට වීම විශේෂත්වයක්.

53වන ජාත්‍යන්තර ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ජපානයේ වියසාකි නුවරදී පැවැත්විය.

මේ සඳහා රටවල් 55ක් නියෝජනය කරමින් සහභාගී වි සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 220ක්.

පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික රළ මත ලිස්සා යාමේ සංගමයේ කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක්.

සිව්දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම තරගාවලියේ තුන්වන ස්ථානය දක්වා පැමිණි අතර සහභාගීත්වය වෙනුවෙන් මොවුන්ට සහතික පත් පිරිනැමුවේය.

මෙම ක්‍රීඩකයන් මෙම තරගාවලිය නියෝජනය කළේ දහසක් බාධක මධ්‍යෙයේයි.

මේ ක්‍රීඩකයන්ට සහාය දැක්වීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් ලබන වසරේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර ගනු හැකි බව විශ්වාසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'