Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

ඇමසන් වැසි වනයේ තවදුරටත් ලැව්ගිනි



බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනයේ තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවකයන් යුහුසුළුව කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසේ ඉකුත් දිනවලදී දැවැන්ත ලැව්ගින්නක් පැතිර ගියේය.

ඉන් වනාන්තරයට සිදුවූ හානිය ගණනය කළ නොහැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇමසන් වනය විනාශ වීමෙන් මුළුමහත් ලෝකයටම බලපෑම් එල්ලවන බැවින්  ගින්න පාලනය කිරීම සම්බන්ධයෙන් ලොව සියලු රටවල්වල අවධානය යොමු විය.

කෙසේ වෙතත් ඇමසන් වනයේ බ්‍රසීලයට අයත් කොටසේ ලැව් ගිනි තත්ත්වය තවමත් පහව ගොස් නැහැ.

ලැව් ගිනි තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි නිවීම් අංශ දැඩි වෙහෙසක් දරමින් සිටින බවද එරට වාර්තා සඳහන් කළේය.

මේ අතර ඇමසෝනාස් කලාපයේ ලැව් ගිනි පැතිර ගොස් තිබෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා බිම් සකසක් කිරීමේදී බව මේ වන විට හෙළි වී තිබේ.

මෙම ගැටළුවට රජයේ ප්‍රතිපත්තිද හේතුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'