Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

අනුර-රනිල්-සජිත් තිදෙනාටම කරේ තියාගෙන යා හැකි චරිතයක් කරළියට



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිහින ජනාධිපතිවරු වෙනුවෙන් තම බලය නැති කර ගැනීමට සුදානම් නැති අයෙක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කරයි.

ඒ හිමියන් මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.

"සජිත් අපේක්ෂකත්වය ඉල්ලීමෙන් ඉවත් වෙනවා.
 
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා පරාජයට පත්වුණොත් තමන්ට පක්ෂ නායකත්වයවත් ආරක්ෂා කරගන්න බැරි වෙන බව.

එහෙම වුණොත් ඉදිරියේදී විපක්ෂ නායකයා වෙන්න තියෙන අවස්ථාවත් නැතිවෙලා යනවා.
 
ඒ නිසා රනිල් සිහින ජනාධිපති තනතුරු වෙනුවෙන් බලය නැතිකරගන්න සුදානම් නෑ.

ඉදිරියේ දී අනුර කුමාරටත්,රනිල්ටත් සජිත්ටත් සියලු දෙනාටම කර තියාගෙන යන්න පුළුවන් එක චරිතයක් එක්සත් ජාතික පක්ෂය තුළින් තොරාගන්නවා.
 
ඒ බොහෝ විට කරු ජයසූරිය විය හැකියි." 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'