Logo
2019 සැප්තැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ගිණුම්කරන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරි එකම මුදල් ඇමති ලංකාවේ



වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නිර්මාණය වීමට හේතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි.

සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"පහුගිය කාලයේ පොලීසිය පාලනය කළේ ජනපති නෙමෙයි අගමැති.

සාගල නාමික ඇමති වුණාට සියලු තීන්දු තීරණ ගත්තේ අගමැති.

ආරක්ෂාව සම්බන්ධ කිසිදු තීරණයක් රංජිත් මද්දුමබණ්ඩාර අරගෙන නැහැ.

පැහැදිලිව කිව්වා පූජිත් ජයසුන්දර පොලීසිය පවත්වාගෙන යන්න බැහැ කියලා.

අගමැති සහ කථානායක කිව්වේ පූජිත් එ.ජා.ප.යේ පාක්ෂිකයෙක් නිසා ඔහුට ධුරය ලබාදිය යුතුයි කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොකියවපු කෙනෙක් විදේශ ඇමති වුණේ ලංකාවේ විතරයි.

ගිණුම්කරණය ගැන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි මුදල් ඇමති ඉන්නේ ලංකාවේ.

මේ වන විට මුදල් අමාත්‍යාංශය යාච්ඥා කරනවා, විදුලි සංදේශ කොමිසමෙන් මිලියන 10ක් දෙනතුරු සේවකයින්ට පඩි ගෙවන්න විදියක් නැහැ.

අපි මහින්දව පට්ට ගහලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ.

පොහොට්ටු, UNP තරගයක් නෙමෙයි තියෙන්නේ තරගය අමෙරිකාවයි චීනයයි අතර."
 

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'