Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

මැකෝ වැඩ අරඹයි-මුද්‍රණාලය සූදානම් කරවයි



 

 

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙස උපදෙස් ලබාදීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් රජයේ මුද්‍රණාලාධිපතිනිය කැඳවා ඇත.

ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු දැන්වීම්, නිල ඡන්ද පත්‍රිකා ආදිය මුද්‍රණය කිරීමට ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය තරම් කඩදාසි සූදානමින් තබා ගන්නැයි තමන් උපදෙස් දුන් බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි දෙසතිය ඇතුළත නාමයෝජනා භාරගැනීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සහ නාම යෝජනා බාර ගැනීම එකම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ යුතුව ඇත.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'