Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

මහින්දගේ ලොකු කොළුවා අමාරුවේ වැටෙයි



විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද විවාහ දිවියට පිවිසුණි.

ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ සමඟයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි වීරසිංහ මෙනවියගේ විවාහ ගිවිස ගැනීම සිදුකෙරුණේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදීයි. 

මනාලයාගේ පාර්ශවය වෙනුවෙන් විවාහයට අත්සන් තැබුවේ, ප්‍රවීණ යෝගා උපදේශකවරයෙකු වන නන්ද සිරිවර්ධන මහතා විසින්. 

මනාලියගේ පාර්ශවය වෙනුවෙන්  ලිමිණිගේ පියා වන තිලක් වීරසිංහ මහතා විවාහට අත්සන් තැබුවේය.

ආගමික වතාවත්වලින් අනතුරුව පෝරුවේ චාරිත්‍ර සිදුකෙරුණේ 10.45 ට යෙදුණු සුබ මොහොතින්.

නාමල් - ලිමිණි විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ ඥාතීන් පමණක් සහභාගිවීම විශේෂත්වයක්. 

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'