Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

ජනපති අත්තනෝමතිකයි-රුවන්



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබීය.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින්.

ජනාධිපතිවරයා මෙලෙස රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරාගනු ලැබුවේ එම සංස්ථාවට සභාපතිවරු පත්කිරීම පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇති අවස්ථාවකයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරය දරන්නේ ඉනෝකා සත්‍යාංගනී මහත්මියයි.

ඒ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කැළුම් පාලිත මහීරත්න මහතා පත් කර තිබේ.

නමුත් එම පත් කිරීමට විරෝධය පළ කරමින් ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තවමත් සභාපති ධුරයේ රැඳී සිටින අතර ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරාගන්නේ එවන් අර්බුකාරී තත්ත්වයක් තුළයි.

එම පවරා ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඉන් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

මෙවන් තත්වයක් තුළ රූපවාහිනී සංස්ථා පරිශ්‍රය අසල පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවා ඇති අයුරුද දක්නට ලැබීය.

මේ අතර  ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ අත්සන් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ සුදුසු දක්ෂ සභාපතිවරයෙකු රූපවාහිණි සංස්ථාවට පත්කිරීමට තමා අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ජනාධිපතිවරයා ඊට බාධා කල බවයි. 

පහතින් දක්වා ඇත්තේ රුවන් විජේවර්ධන මහතා විසින් නිල ට්විටර් ගිණුමේ තැබු සටහනකි.

Related 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'