Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු 5 දෙනෙකු රිමාන්ඩ්



අධිකරණය නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු 5 දෙනෙකු ලබන 16 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය මස 19 වන දා කළුතර - තෙබුවන - ට්‍රොයිට් වතු යායේ සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ පැමිණිල්ලක් සිදුකළා.

මෙම පැමිණිල්ලට අදාළව පොලීසිය තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කරනු ලැබුවේ.

ඊට අදාළව ඔහු ඇතුළු 5 දෙනෙකුට එරෙහිව මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම අවස්ථාවේදී මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'