Logo
2019 ඔක්තෝම්බර් මස 21 වැනි සඳුදා

බෙදුම්වාදීන් ඒඩන් නගරය අත්පත් කරගනී



එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පක්ෂපාතීත්වය දක්වමින් යේමන වැසියන්ගේ සහභාගීත්වයෙන් එරටදී දැවැන්ත ජනරැලියක් පැවැත් විය.

එහිදී එමීර් රාජ්‍යයේ සහය ලබන්නේ යැයි පැවසෙන දකුණු බෙදුම්වාදීන්ට ඔවුන් සිය සහය පළකළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහය පළකරමින් යේමනයේ ඒඩන් අගනුවර මෙම දැවැන්ත ජනරැලිය  පැවැත්වුණේ එරට වැසියන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන්.

සෞදි අනුග්‍රහය ලබන යේමන රජයට එරෙහිව බල අරගලයකින් එමීර් රාජ්‍යයේ සහය ලබන බෙදුම්වාදීන් ඒඩන් නගරය අල්ලාගැනීම සනිටුහන් කරමින් මෙය සංවිධාන කර තිබුණි.

කෙසේ වෙතත් එම පියවර යේමන යුද්ධයේ නව පරිච්ඡේදයක ආරම්භය විය හැකි බවට විචාරකයින් මත පළකර තිබේ.

මෙම ජනරැලිය පැවැත්වෙන්නේ යේමනයේ ඒඩන් නගරයේ සහ දක්ෂිණ පළාත්වල ගැටුම්කාරී වාතාවරණය සමතකයකට පත්කිරීම සඳහා සෞදි බලධාරීන් එක්සත් එමීර් රාජ්‍යයේ සහය ලබන්නේ යැයි කියන දකුණු බෙදුම්වාදීන් සමඟ වක්‍ර සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමකයි.

යේමනයේ හූති පවරා ගැනීම නොහොත් හූති කුමන්ත්‍රණය යනු යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ ගේ ආධාරකරුවන් විසින් ක්‍රමානුකූලව යේමන රජය පලවාහැර පාලන බලය අත්පත් කරගැනීමට ආයුධ සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමයි.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මස මුල් වකවානුවේදී දකුණු බෙදුම්වාදීන් විසින් යේමනයේ ඒඩන් නගරයේ පාලන බලය නතු කරගනු ලැබීය.

එමෙන්ම යේමන රජයට සහය පලකරන පුද්ගලයන් සිය භාරයට ගැනීමටද බෙදුම්වාදීන් විසින් මේ වනවිට කටයුතු කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'