Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී



විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි. 

පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු 98 පසුකරමින් කඩුලු 99 ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූයේය. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තේය. 

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'