Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

28 වැනි නිදහස සමරන යුක්‍රේනය



යුක්‍රේන නිදහස් දිනය ඊයේ (24) සමරනු ලැබුවේය.

යුක්‍රේනය මෙවර සමරනු ලැබුවේ සිය 28 වැනි නිදහස් දිනය වන අතර ඒ වෙනුවෙන් පැවති උත්සවයකට එරට ජනාධිපති  වොලොදිමීර් සෙලෙන්ස්කි සහභාගී වී ඇත.

යුක්‍රේනයේ නිදහස් දිනය අගෝස්තු මස 24 වැනිදාට යෙදී ඇත.

ඒ වෙනුවෙන් සංවිධානය වූ විචිත්‍රවත් උත්සවයකට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහභාගී වුණි.

උත්සවය ඇමතූ ජනාධිපතිවරයා නිදහසින් පසුව ගෙවුණු වසර 28ක කාලය තුළ හැදුනු වැඩුණු පරම්පරාව සිහිපත් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ නිදහස සහ සංවර්ධනය සුරක්ෂිත කිරීම උදෙසා යුක්‍රේනය එම කණ්ඩායම මත රඳා පවතින බවයි.

නිදහස් දිනය සංකේතවත් කරමින් සාම්ප්‍රදායිකව පවත්වනු ලබන නිදහස් දින පෙළපාලිය අවලංගු කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පසුගිය මාසයේදී නිවේදනය කළේය.

මේ අතර යුක්‍රේන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තවත් සැමරුමක් කීයෙව් අගනුවරදී පැවැත්වුණ අතර එය හමුදා පෙළපාලියකින් විචිත්‍රවත් වුණි.

2014 වසරේදී රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රිමියා පළාත ඈඳා ගැනීම දෙරට අතර සබඳතා පිරිහීමට හේතු වුණි.

එමෙන්ම නැගෙනහිර යුක්‍රේනයේ රුසියාවේ  පිටුබලය ලබන බෙදුම්වාදී කැරලි හේතුවෙන් 10 000කට අධික පිරිසක් මියගොස් ඇත.

අර්බුද මධ්‍යයේ වුවත් යුක්‍රේනය මෙවර සිය 28 වැනි නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'