Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

ඉන්දීය මුදල් ඇමති අත් අඩංගුවට ගනී



ඉන්දීරා කොන්ග්‍රසයේ හිටපු මුදල් අමාත්‍ය පී. චිදම්බරම් මහතා ඉන්දීය පොලිස් මධ්‍යම විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන විශේෂ අධිකරණයට ඉදිරිපත් කොට සඳුදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ඔහු පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේදී 2007 වසරේ ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපරිකයකු සමඟ රූපවාහිනි විද්යුත් නාලිකාවක් ලබාදීමේදි කරන ලද ගනුදෙනුක් සම්බන්ධයෙන් ඔහුට සහ ඔහුගේ පුත් කාර්ති චිදම්බරම්ට චෝදනා එල්ලවී ඇත.

මේ සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ පක්ෂය විසින් ඉන්දීරා කොන්ග්‍රසය විනාශ කිරිමට එම පක්ෂයේ ප්‍රබලයකු වන තමගේ සහ තම පවුල්වල උදවියගෙන් බොරු චෝදනා එල්ල කොට පලි ගන්නා බවයි.

හිටපු මුදල් ඇමති 2005-2014 දක්වා ඉන්දියාවේ මුදල් අමාත්‍යධූරය හොබ වූ අතර කෙටි කලකට ඉන්දීය ස්වදේශීය අමාත්‍යාංශයේ හොබවූහ.

ඔහු ස්වදේශීය අමාත්‍යවරයා කාලයෙදි ඔහු විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් විවුර්ත කල විශේෂ බන්ධනාගාර කුටිය තුලම ඔහු මේ වනවිට රදවා ඇති බවය ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'