Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

සිරිසේනත් රැගෙන ඩඩ්ලි ගෝඨා ළඟ



ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම හිතවත් ව්‍යාපාරික සමඟ පැවති සාකච්ඡාවකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩඩ්ලි සිරිසේන මහතා අතර සමීප හිතවත්කමක් කාලයක සිට පවති බවද සදහන්ය.

 ජනාධිපති සිරිසේනගේ අනාගත සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ඩඩ්ලි සිරිසේන මේ වන විට සහෝදරයා සහ ගෝඨාභය අතර එකඟතාව ඇතිකරමින් පවතින බවද වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'