Logo
2019 අගොස්තු මස 21 වැනි බදාදා

සජිත්ගේ වේදිකාවේ සිට අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධියේ මාධ්‍යයට තර්ජනය කරයි



ගෝඨාභය රාජපක්ෂ ට කඩේ යන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බලාගෙන හිටපල්ලා ප්‍රවේශම් වෙයල්ලා යනුවෙන් මාධ්‍යයට අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද දින තර්ජනය කළේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් බදුල්ලේ සංවිධානය කරන ලද ජන රැලියකට සහභාගී වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක කරන ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට බලපෑම් කිරීමේ අරමුණෙන් මෙම රැලිය සංවිධානය කර ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනි. රවින්ද්‍ර සමරවීර අමාත්‍යවරයා මාධ්‍යයට බැන තර්ජනය කිරීම සිදුකරන විට සජිත් ප්‍රේමදාස අමාත්‍වරයාද වේදිකාවේ සිටි අතර එම තර්ජනය කිරීම ගැන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ නො කිරීම ද විශේෂත්වයකි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'