Logo
2019 දෙසැම්බර් මස 8 වැනි ඉරිදා

ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි..



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

හෙට පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයට පෙරාතුව අද දිනයේ කැඳවන ලද ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කර තිබේ.

ඊට විකල්ප යෝජනා කිසියක් හෝ විරෝධතාවත් එහිදී ඉදිරිපත් වී නැත.

එහි සිටි පක්ෂ නායකයින් සියලු දෙනාම ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ එම නම ඒකමතිකව අනුමත කර ඇත්තේ අත්පුඩි ගසමිනි.

ඒ අනුව හෙට (11) දිනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'