Logo
2019 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

මාලි එක්දින පිටියට සමුදෙයි



ලොව වැඩිම එක්දින කඩුලූ ත‍්‍රිත්ව ලබාගත් පන්දු යවන්නා වු ලසිත් මාලිංග වසර 15 ක ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග දිවියට ඊයේ (26 දා)සමුදුන්නේය. 
බංග්ලාදේශය සමග පැවැති මාලිංගගේ සමුගැනීමේ තරගය නැරඹීම සඳහා 30000 කට අධික පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියේය.

සිය අවසන් එක්දින තරගයට ලසිත් මාලිංග ක‍්‍රීඩාංගණයට පැමිණෙන විට සහෝදර ක‍්‍රීඩකයන් දෙපසට වී පිති ඔසවා ඔහුගේ සමාප්තියට ආචාර කළේය. අනතුරුව පන්දුව අතට ගත් මාලිංග බංග්ලාදේශ නායකයාගේ කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගනිමින් ශ‍්‍රී ලංකාවට අවසන් තරයේදීත් සිය යුතුකම ඉටු කිරීමට සමත් විය.

2004 වසරේදී ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග දිවිය ආරම්භ කළ ලසිත් මාලිංග ඊයේ සහභාගි වූයේ සිය 226 වැනි එක්දින තරගයට වේ. සමුගැනීමට තරගයට පෙර එක්දින කඩුලූ 335 ක් ලබා ගැනීමට මාලිංග සමත් විය. ශ‍්‍රී ලංකාවේ වැඩිම කඩුලූ ලාභීන් අතර සිව්වැනි තැන සහ ලොව වැඩිම එක්දින කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි තැනටද මාලිංග පත්ව තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'