මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්නමුස්ලිම් සුලු ජාතික මන්ත්රීනියට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිදෙන්න කියයි.!
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ.
මෙම මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රිනිය විසින් පසුගිය කාලයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිවාදියෙකු යැයි චෝදනා කරමින් ඇමෙරිකාවේ සුලු ජාතික අයිතිවාසිකම් වැඩි කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ සිදු කර තිබේ. ඇය සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් කාන්තාවකි.
ඇයගේ ක්‍රියාකලාපයට පිළිතුරු ලබා දෙන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාංක්‍රමණිකයෙකුට ඇමෙරිකාවේ සිටීමට නොහැකි නම් ඕනෑම මොහොතක ඇමෙරිකාවෙන් පිට විය හැකි බවයි. ඇමෙරිකාවේම සිටිමින් ඇමෙරිකාව විවේචනය කිරීමට වඩා ඇමෙරිකාවෙන් පිටවීමට තමන් යෝජනා කරන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසනවා.
ඉන්පසුව ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ඇමෙරිකාව ඇමෙරිකානුවන්ගේ රට බවත්, සංක්‍රමණික සුලු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඇමෙරිකාව නැටවීමට තමන් ඉඩ නොදෙන බවයි.
මේ අතර මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ජනතාව සීග්‍රයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතට ඒකරාශී වෙමින් සිටිනා අතර මෙම සුලු ජාතික මන්ත්‍රීවරිය නැවතත් ඇය පැමිණි සෝමාලියාවට පිටමන් කරනා ලෙසට ඇමෙරිකානු ජනතාව ඉල්ලා සිටිමින් තිබේ.
....and the many terrible things they say about the United States must not be allowed to go unchallenged. If the Democrat Party wants to continue to condone such disgraceful behavior, then we look even more forward to seeing you at the ballot box in 2020!
— Donald J. Trump (@realDonaldTrump) July 15, 2019
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'