Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

ඉරානය සමඟ අර්බුදය නිසා බ්‍රිතාන්‍යයේ දෙවන යුධ නෞකාවත් ගල්ෆ් මුහුදට



ඉරානය සමඟ පවතින අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය තම දෙවන යුධ නෞකාව ද ගල්ෆ් මුහුදු ප්‍රදේශය වෙත යොමුකර ඇත.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ නේටෝ පුහුණුවකට සහභාගී වු ඩන්කන් යුධ නෞකාව ගල්ෆ් මුහුදු ප්‍රදේශය වෙත යොමුකර ඇති බවයි.

බ්‍රිතාන්‍ය නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම එමඟින් අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

මේ අතර ඉරානය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බ්‍රිතානයයේ ආරක්ෂක වියදම් ඉහළ යාම පිළිබඳ රජයට විවේචන එල්ල වන බව වාර්තා වෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'