Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

සිත් අහසට පෑයූ සඳ - ස්වර්ණා සෙනෙවිරත්න -



යා යුතු මග තරු එලියෙන්

හොයමින් මා වෙහෙසුණු දැක

පායාවිත් සිත් අහසට

සතුටු කලා මගෙ දිවියම .....

 

දුරට ඉදන් ඉගි බිගි කල

නුරා දෑස හිනැහෙන විට

සරා සදේ නුඹේ සිතට

පෙම් බැන්දේ මං රහසින් .......

 

රටා මැවූ තරු මල් හැම

සිනාසුනා මතකයි මට

නුඹ පෙන්වූ මාවත දිග

මා පියවර ඔසවන විට

ඒ සිනහවෙ අරුත නොදැන

ආවත් මං මෙතුවක් දුර

සිතුනේ නැහැ අමාවකට

කෙදිනකවත් සඳ නැති වග .......






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'