Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

සුභ නත්තලක්



 

ගස් වල කොළ හැලී අතු පමණක් රැඳුනා
ඒ මත හිම ඇලී සුදු පැහැයෙන් දිලුනා
සීතල පවන් වැල් සවනඟ කිති කැවුනා
නත්තල් අසිරියෙන් සැම හද ඔප වැටුනා
    
උත්සව සමය වෙනුවෙන් පාසල් වැසුනා
තෑගි බෝග ගන්නට මිනිසුන් පිරුනා
නත්තල් ගස් වලට කප්පාදුව ලැබුනා
අසරණ කළුකුමා මස් වී ගෙට ඇඳුනා
    
නත්තල් සීයා හැම නිවසෙම දිස් වූවා
නත්තල් ගසින් සාලය හැඩ වැඩ වූවා
පිනි මුව පැටව් රංචුව සබයට ආවා
මුළු පරිසරය නෙක පැහැයෙන් ඔප වූවා
    
පල්ලිය දිහාවට කවුරුත් නොම ඇඳුනා
එහි ඇති කුරුසයේ දුහුවිලි මල බැඳුනා
සාමයේ කුමරු ඇති බවවත් නොම හැඟුනා
එතුමාටත් හොරෙන් සුභ නත්තල ගෙවුනා





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'