Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

හන්තානේ කතා­වක්...ලෙටී­ෂියා රත්නා­යක....



නුඹේ අතේ එල්ලී­ගෙන රන් සම­න­ලි­යක් ගානට
මතක නැද්ද මං ආවා හන්තානේ කන්ද උඩට
සුරං­ගනා කතා අහන සුර­තල් දැරි­යක් වාගේ
තො‍ඳොල් වුණේ මම ද කියල හිතෙන කොටත් ලජ්ජයි මට

ඇහළ මලින් පාවඩ ලූ පෙම්ව­තුන්ගෙ මාවත දිග
දෑතෙ ඇඟිලි පට­ලා­ගෙන හෙමින් හෙමින් පිය මැන මැන
රන් හිරු රැස් දෝරෙ ගැලුව තුරු වදු­ලෙදි කනට කරල
අනා­ගතේ ගැන දොඩ­මලු වුණේ මම ද නුඹම නේද

ළපැටි වියේ සිට දුක සැප එක හිතින් ම බෙදා ගත්තු
අප්පච්චී - අම්ම - අක්ක - අයිය - මල්ලි මේ හැමෝම
තරා­දියේ එක පැත්තක අනික් පැත්තෙ නුඹ පම­ණයි
ඒත් මගේ හිත කිරුවේ බර ඒ පැත්තට තියාල

සුබ නැක­තට රන් නූලෙන් ගැට නොගැසූ ඇඟිලි බැඳන්
අප නැංගේ ජීවන කඳු පාමුල සිට හෙමින් උඩට
දුක් කර­දර ඔලොගු අරන් දරු පැට­වුන් තල්ලු කරන්
එහෙම යද්දි මං හිටි­යෙත් හන්තා­නෙදි වගෙම සතුටෙ

කව­දාදෝ අතර මගදි නුඹේ අතේ උණු­හුම මට
නොලැබ ගියේ මොන කරු­මෙද හිතා ගන්න­වත් බෑ මට
ඒ වුණාට දරු පැට­වුන් එක් කර­ගෙන කන්ද මුදුනෙ
මං ජය කොඩි දැම්ම දාට නම් නුඹ­ටත් දුක හිතේවි...


 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'